
වෑගන්තලේ ඉන්ද්‍ර ජෝති හිමියන් හා කිරිවානේ මුදලාලි මහතාගේ මූලිකත්වයෙන් 1927 මාර් තු මස 05 වන දින ඇරඹුණු කෑ/කනන්ගමුව බෞද්ධ මිශ්‍ර පාඨශාලාවෙහි පළමු ගුරුවරයා වශයෙන් පත් වූයේ ඊ.ඩී.එස්.ප්‍රේමවර්ධන මහතාය.පසු කාලීනව පාසලේ නම කෑ/ගලි/කනන්ගමුව රාජසිංහ මහා විද්‍යාලය බවට පත් විය.
- එක් ගුරුවරයෙකුගෙන් ආරම්භ වී ගුරුවරුන් පස් දෙනෙකු පමණ වූ විට 1941 දී විද්‍යාල රජයට පවරා ගන්නා ලදී.
- මුලින්ම පොල් අතු සෙවිලි කළ ශාලාවක පාසල පැවැත්වූ අතර 1952 දී ස්ථිර ගොඩනැගිලි හතරක් එකතු විය.මෙම ගොඩනැගිලි විවෘත කරන ලද්දේ ඩඩ්ලි සේනානායක මහතා විසිනි.
- 1951 වර්ෂයේ දී ප්‍රථම වරට අ.පො.ස.සාමාන්‍ය පෙළ විභාගයට සිසුන් ඉදිරිපත් කළ අතර ,එක් ගුරුවරයෙක් විසින්ම උගන්වන ලද බව සදහන් වේ.
- 1958 වන විට උසස් පෙළ පන්ති ආරම්භ විය.
- 1964 දී විද්‍යාගාරයක් ඉදි කරන ලදී.
- 1976 ,1977,1978 ,1981,1986 වසරවල දී තවත් අවශ්‍ය ගොඩනැගිලි කීපයක් සාදන ලදී .එම වකවානුව වන විට සිසුන් 500 ක් පමණ පිරිසක් අධ්‍යාපනය ලැබීය.
- 1990 දක්වා ශිෂ්‍ය සංඛ්‍යාවේ වර්ධනයක් ඇති වූ අතර ඉන් පසු විවිධ හේතූන් මත සිසුන්ගේ අඩු වීමක් සිදු විය.
- 2002 වර්ෂය වන විට සිසුන් 300 ක් දක්වාද ආචාර්ය මණ්ඩලය 18 ක් දක්වාද අඩු විය.
- 2008 වර්ෂයේ සිට නැවත වතාවක් කලා විෂය ධාරාවෙන් උසස්පෙළ පන්ති ආරම්භ විය.
- වර්තමාන ආචාර්ය මණ්ඩලය 29 දෙනෙකුගෙන් සමන්විත වන අතර ශිෂ්‍ය සංඛ්‍යාව 238 කි.
- 11.05 දින විද්‍යාලයට ලැබුණු e ශිල්පාගාරය විවෘත කරන ලදී.
- 2013 වසරේදීම පාසලේ නව බුදු මැදුර ඉදි කිරීම් කටයුතු සිදු කරන ලදී.
අද වන විට විද්‍යාලයේ අභිවෘද්දිය උදෙසා විවිධ ක්ෂේත්‍ර ඔස්සේ ව්‍යාපෘතීන් රාශියක් ක්‍රියාත්මක වේ.
|
ආරම්භ කළ වර්ෂය |
1927 මාර් තු 05 |
|
එහි මුලදී සිටි ගුරු සංඛ්‍යාව |
01 |
|
පාසලට ගිය මුල්ම ශීෂ්‍ය සංඛ්‍යාව |
17 |
|
මුල් ගුරුතුමාගේ නම |
ඊ.ඩී.එස්.ප්‍රේමචන්ද්‍ර මහතා |
|
පාසලේ ආදි කතෘගේ නම |
වෑගන්තලේ හිමියන් හා කිරිවානේ මුදලාලි මහතා |
|
පාසලේ මුල් ගොඩනැගිලි ගණන |
01 |
|
පාසලේ නම |
කෑ/ගලි/කනන්ගමුව රාජසිංහ මහා විද්‍යාලය |
|
පාසල භාරව කටයුතු කිරීම |
කේ.ඒ.ඩබ්.විජේසිංහ මහතා |
|
පාසල රජයට පවරාගත් දිනය |
1941 |
|
පාසල පැවැත්වූ ස්ථානය |
කනන්ගමුව,උදුගොඩ. |
|
ප්‍රථම ශිෂ්‍යයාගේ නම |
පී.කේ.එම්.ධර්මරත්න |
|
ප්‍රථම ශිෂ්‍යයාවගේ නම |
පී.කේ.එම්.පොඩිමැණිකේ |
|
ප්‍රථම ශීෂ්‍යයා භාරගත් වකවානුව |
1927 මාර්තු 05 දින |





